මචං…
මාත් උඹලගෙම එකෙක්. උඹත් අපේම එකෙක්.
ඉතිං…
මට තරම් වෙන කාටවත් උඹව තේරුම් ගන්න බෑ, උඹට තරම් වෙන කාටවත් මාව තේරුම් ගන්නත් බෑ.
සනත් දසනායක
Dasanayaka’s Blog
ලොකු ලොකු දේවල්

“මට ලොකු ලොකු දේවල් ඕන නෑ බං. ගන්තම් ජීවිතේ ගැට ගහගන්න තිබුණා නම්… ඒ හොඳටම ඇති.”
ගොඩක් උන් අන්න එහෙම කියනවා.
හැබැයි මචං… මං කියන්නේ මෙන්න මෙහෙම,
“ලොකුවට හිතපං.”
උඹ ලොකුවට හිතනකං… උඹ කරන කිසිම දෙයක් හරි යන්නේ නම් නෑ. ඔහේ ජීවත් වෙලා ඔහේ මැරිලා යන්න උඹ “මීයෙක්වත්, පුසෙක්වත්, වඳුරෙක්වත්” නෙමෙයි. උඹ ශ්‍රේෂ්ඨ මිනිහෙක්. මේ ලෝකේ ඉපදිලා… මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කරපු දහස් ගාණක් ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ DNA ම තමයි උඹේ ඇඟෙත් තියෙන්නේ.
#AskDasanayaka
ප්‍රශ්නය :
මං ඉපදුණේ සාමාන්‍ය පවුලක. දැන් පොඩි බිස්නස් එකක් කරනවා. මටත් සුපිරි කෝටිපතියෙක් වෙන්න පුළුවන් වෙයිද?
උත්තරය :
මං කෙටියෙන්ම කියන්නම්. මේ මගේ අදහස් නෙමෙයි, මේ දත්ත.
සුපිරි සල්ලිකාරයෝ ගැන තොරතුරු එකතු කරන ආයතනයක් තමයි… Wealth X කියන්නේ. 2019 දී, Wealth X ආයතනය සුපිරි සල්ලිකාරයෝ ගැන අලුත් වාර්තාවක් නිකුත් කළා.
ඒ වාර්තාවේ මොනවද කියන්නේ?
මචං, ඒ වාර්තාවේ කියනවා මෙන්න මෙහෙම…
“මේ ලෝකේ ඉන්න සුපිරි සල්ලිකාරයොන්ගෙන් 71.9% ක්ම කෝටි ගණන් සල්ලි හම්බ කරගෙන, සුපිරි සල්ලිකාරයෝ වෙලා තියෙන්නේ… තමන්ගේ ශක්තියෙන්ම තමයි. එයාලට කිසිම දෙයක් අම්මගෙන් තාත්තගෙන්, නැත්නම්… පරම්පරාවෙන් ලැබිලා නෑ.”
My Sinhala Book

My English Books
මං ගැන
යාළුවා…
මගේ නම සනත් දසනායක.
මං මේ ගමන පටන් ගන්න වෙලාවේ, මගේ හිතේ තිබුණේ එකම එක අධිෂ්ඨානයයි.
ඒ අධිෂ්ඨානය තමයි…
තමන්ගේ සුපිරි හීනේ හඹායන්න තරම්… පිස්සුවක් තියෙන ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 10 කට රටම දන්න සුපිරි කෝටිපතියෝ වෙලා… හිතේ ගැම්මෙන් ජීවත් වෙන්න සුපිරියටම උදව් කරන එක.
මේ වෙද්දි… මං මගේ අරමුණට ළඟාවෙන ගමන් තමයි ඉන්නේ.
මං ගැන තව ටිකක් දැනගන්න ඔයා කැමතියි?
යාළුවා…
කෝටි ගණන් සල්ලි හම්බ කරන එක විජ්ජාවක් නෙමෙයි, කලාවක්.







